පෙළහර

            ඇතුගල්පුරය කේන්ද්‍රකොටගෙන බිහිවුන සීගිරි ෆිල්ම්ස් ආයතනය වාර්තා වැඩසටහන් නිෂ්පාදනය තම ප්‍රමුඛ කාර්යය කොට සලකනවා. පාරම්පරික  කර්මාන්ත හා කලා අංග කැටි කොට ගත් ගම්මැද්ද  එවන් එක් වැඩසටහනක්. one sri lanka නාලිකාව ඔස්සේ විකාශනය වූ එම වැඩසටහන වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තා.
           සුන්දර ගම් දනව් ලෝකයට විවර කල සංචාරක වැඩසටහනක් ලෙස ඇවිද්දපය හැදින්විය හැකියි. ගුරු පාර දිගේ ගම්මැද්දට යන තේමාව ඔස්සේ කැටි වුන ඇවිද්දපයට පුරාවිද්‍යත්මක උරුමයන්, ගැමි ජන දිවිය හා  සුන්දර ගම්මාන පිළිබඳ රූපාවලියක් ඇතුලත් වුණා. ගහ කොළට, සතා සිව්පාවන්ට ආදරය දක්වන සීගිරි ෆිල්ම්ස් කණ්ඩායම ඉදිරියේදී මෙවැනි වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කරන්නට සුදානමින් පසුවනවා.