6/15/12

දෙමලිච්චාගේ කථාව..

             මේක ටික කලකට උඩදී  වුණ සිදුවීමක්.  මගේ පරිගණකයේ තිබුන මේ පින්තූර කීපය දැක්කම ආයෙත් මතක් වුනා.  වැඩක් නැති දවසට  කැමරාවත් අරගෙන වත්ත වටේ රවුමක් යන එක මගේ සිරිතක්. වත්ත වටේ යනව කිව්වට ලොකු වත්තක් නෙවේ. ඒත් කැමරාවත් අරගෙන යනකොට පුංචි පුංචි සුන්දර දේවල් දකිනව. එතකොට ගමන දිගු වෙනවා. අලුත් අවුරුද්ද ලං වෙලා තිබුන නිසා එදා මම ගියේ අපේ කෙසෙල් කොටුව පැත්තට.
හොදට පැහිල තියන කෙසෙල් කැන් දිහා ඇහැ ගහගෙන යනකොට කැනක් උඩ හිටපු දෙමලිචිචෙක් කෑගන්න පටන් ගත්ත. හොදට විපරම් කරල බලනකොට තමයි දැකකේ කැන උඩ පුංචි කූඩුවක් තියන බව.
පහල ඉදල පින්තූර ගන්න අමාරු නිසා කණු තුනක් හිටවල අට්ටාලයකුත් අටව ගත්ත. ඊට පස්සෙ දින කීපයක්ම දවසෙ වැඩි කාලයක් ගෙවා දැම්මෙ අට්ටාලය උඩම තමයි.
කිරිල්ලි දවසේ වැඩි වෙලාවක් කූඩුවේ ඉන්න නිසා බිත්තර දැක ගන්න කාලාන්තරයක් පෙරුම් පුරන්න සිදු වුණා.

කිරිල්ලි කෑම කන්න යන වෙලාව බලාගෙන ඉදල බිත්තර වල පින්තූරයකුත් ගත්ත.නිල් පාට බිත්තර හතරක්ම තිබුණ.( පින්තූරයේ පේන්න තියෙන්නෙ බිත්තර තුනයි. අනික ගන්න හැදුවනම් මම අට්ටාලයෙන් බිමට වැටෙනවා)
ආසාවෙන් බලාගෙන හිටිය කුරුලු පැටවු එලියට එනකම්. ඒත් එක දවසක් රෑ හොදටම වැස්ස. දන්නවනේ බක් මහ වැහි ගැන. උදේ බලනකොට කූඩුව තියනව ඒත් බිත්තර වලට වෙච්ච දෙයක් නෑ. හුළගට වැටුනද ? එහෙමත් නැත්නම් සතෙක්  කෑවද ? 
 කිරිල්ලිත් හැම තැනම බිත්තර හොයනවා.මගෙ හිතට ගොඩක් දුක හිතුනේ කිරිල්ලි ගැන මිසක්, මගේ පින්තූර ටික ගන්න බැරි වුණ එකට නම් නෙවෙයි. ඒත් මම හිත හදාගත්තෙ මේ හැම දෙයක්ම සොභාදහමේ තීරණ නිසයි.

2 comments:

Dilshan said...

වත්ත පහළට යන වෙලාවට කැමරාව අරගෙනම යන එක හොඳ පුරුද්දක්. ඔය පුරුද්ද මටත් තියනවා. ඒ පුරුද්ද නිසා මම ලබපු ප්‍රයෝජන අනන්තයි. ඒවා ගැන මම මගේ බ්ලොග් එකේ විස්තර දාල තියෙනවා. ලස්සන පින්තූර ටික. සුබපැතුම්!

සීගිරි ෆිල්ම්ස් said...

ගොඩක් ස්තූතියි Dilshan comment එකට.......

Post a Comment