සතුන් අතරින් මම වැඩිම කැමැත්තක් දක්වන්නෙ කුරුල්ලන්ටයි. ඒ ඔවුන් ලස්සන හින්දමත් නෙවෙයි. අහස පුරා නිදහසේ පියාඹන කුරුල්ලන් දකින විට සිතට ඇතිවන සැහැල්ලුව වචනයෙන් කිව නොහැකි තරම්. පසුගිය කාලයේදී ගෙවතු කුරුල්ලන් කීප දෙනෙකු කූඩු හදන අයුරු පින්තූර ගත්තද එය පහසු කාර්යක් නොවන බව ඉක්මනින්ම වැටහුනා. ඉහලින් සිටින කුරුල්ලන්ගේ පින්තූර ගැනීමට තරම් මගේ පුංචි කැමරාව ප්‍රමාණවත් නොවීම එයට හේතුවයි.
සිව්රු හොරා |
සමනලුන්ගේ පින්තූර ගැනීමට මා පෙළඹුනේ මීට සති කීපයකට කලිනුයි. ඉඩෝරයට වියලී ගිය පුංචි පැළයක මොනවදෝ සොයමින් සිටි මේ දෙදෙනා මගේ මුල්ම සමනල පින්තූරය වුණා.
Common Crow |
මෙලෙසින් සමනලුන් කිහිප දෙනෙකුගේ පින්තූර එකතු කර ගත්තද, ඔවුන් ගැන වැඩි උනන්දුවක් ඇතිවුනේ "Butterfly Interest Group" යහළුවන් හමුවීමෙන් පසුවයි. සමනලයන් හදුනාගැනීමට ඔවුන්ගෙන් අනගි සහයක් ලැබීම එයට හේතුවයි. වෙහෙසවී සමනලයකුගේ පින්තූරයක් ලබාගන්නවා වගේම සතුටක්, සමනලයකු නමින් හදුනා ගත්විට ඇතිවනවා.
Common Leopard |
White Four-Ring |
මේ ඉන්නේ White Four -Ring ලෙස හදුන්වන සමනලයයි. සිතිරි සිව්වා ලෙස මෙම සමනලයා සිංහලෙන් හදුන්වනවා. අලුත් රුපියල් 1000 නෝට්ටුවේ මේ සමනලයාගේ රූපය දැක ගත හැකියි. අලුතින් නිකුත් කල සෑම මුදල් නෝට්ටුවකම සමනල් රුවක් අන්තර්ගත වනවා. සමනලුන්ගේ ඇති වටිනාකම ඉන් මනාව පෙන්නුම්කරනවා.
Lemon Pansy |
සමනලයන් ගැන දැන ගැනීමේදී මෙම වෙබ් අඩවියත් මට උපකාරයක් වුණා. http://slbutterflies.lk/index.php මට වගේම ඔබටත් එය ප්‍රයෝජනවත් වේවි. සමනලුන්ගේ ලෝකයට පිවිස, එහි සුන්දරත්වය අත්විඳින්නට මා ඔබටත් ආරාධනා කරනවා....
ගල් වැට අද්දර තිබෙන බාලොලියා පදුරට හෙටත් උදෑසන සමනලුන් පැමිණේවි. රන්වන් හිරු එළියෙන් නැහැවුන මල් මත වසා, නිසොල්මනේ පැණි බොන අලංකාර සමනලයන් දැකගැනීම මගේ ප්‍රාර්ථනයයි !
ගල් වැට අද්දර තිබෙන බාලොලියා පදුරට හෙටත් උදෑසන සමනලුන් පැමිණේවි. රන්වන් හිරු එළියෙන් නැහැවුන මල් මත වසා, නිසොල්මනේ පැණි බොන අලංකාර සමනලයන් දැකගැනීම මගේ ප්‍රාර්ථනයයි !